ප්‍රමුඛ පුවත 1

දෙකෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ ඉන්දීය යුවලක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමග ඉන්දීය ජාතික ‍යුවළක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට්ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක , ව්‍යාජ පතුලක් සකස් කර , ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සගවා තිබි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

අද (09) සිට වියළි කාළගුණයේ ‌‌‌වෙනසක්…

Mohamed Dilsad

උසස් අධ්‍යාපන ආයතන 10 ක් ස්ථාපනය කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment