ප්‍රමුඛ පුවත 1

මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයි

(UTV| කොළඹ) – අවිහිංසාවාදයේ පියා වූ මහත්මා ගාන්ධිතුමාගේ විශිෂ්ට චරිතය පිළිබඳ අප කතා කළ යුත්තේ ගුණ ගායනා කිරීමට පමණක් නොව එම චරිතයෙන් ලබාගත යුතු ආදර්ශ ලබා ගැනීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (12) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ විවාදයට එක් වෙමිනි.

නව ලොවක් වෙනුවෙන් නව ගමනක් යාමට මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කරමින් එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට කැපවෙමු යැයි තමා සියලු ලෝක නායකයන්ට ඇරයුම් කරන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

මහත්මා ගාන්ධි චරිතය කියවීම තුළින් අද ලෝකයේ තිබෙන බොහෝ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

සටන්වලදී එතුමා තුළ තිබු ප‍්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර ක‍්‍රියාකලාපය මෙන්ම ජනතාව ඒකරාශී කරගැනීමට ගෙන ගිය වැඩපිළිවෙළ එතුමාටම ආවේණික වූ එම යුගයේ කිසිවෙකුට සම කළ නොහැකි වූවක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

දේශපාලනඥයෙකු නොවූ මහත්මාගාන්ධිතුමා ජාතික නිදහස් අරගලය ගෙන ගිය සාන්තුවරයෙක් මෙන්ම සැබෑ මානව හිතවාදියෙක් යැයි ද සඳහන් කළ ජනාධිපතිතුමා මහත්මා ගාන්ධි චරිතය ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ගෞරවයට සහ ප‍්‍රණාමයට ලක්ව තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප ප්‍රතිසංධාන කමිටුව පළමුවරට රැස්වේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන ආකාරය [RELEASE]

Mohamed Dilsad

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.

Mohamed Dilsad

Leave a Comment