ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු සාගර සමුළුව අද

(UTV| කොළඹ) – ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් ඉන්දියානු සාගර සමුළුව අද(11) පැවැත්වේ.

ඒ අරලියගහ මන්දිරයේදී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන තේමාව යටතේ මෙම සමුළුව අද සහ හෙට(12) මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.

සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමාරම්භක සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

කලාපය හමුවේ ඇති ප්‍රබල අභියෝග අවස්ථා තේමා කරගත් කරුණු 04ක් පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Mohamed Dilsad

අනුරාධපුර දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment