ප්‍රමුඛ පුවත 1

ගෝඨා විශේෂ මහාධිකරණයට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.

පෙරවරු 09.00 ට පමණ හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය වෙත පැමිණි බව වාර්තාවේ.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත පැමිණ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව පසුගිය මස 10 වනදා පළමු වරට විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

එහිදී විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් දැමේ

Mohamed Dilsad

ජනපති කල ප්‍රකාශය පිලිබඳ සතුටුයි – ඩියු ගුණසේකර [VIDEO]

Mohamed Dilsad

අගමැති මෝදී ජනපති ගෝඨාභයට සිංහලෙන් තැබූ සටහන

Mohamed Dilsad

Leave a Comment