ප්‍රමුඛ පුවත 1

නෝර්වේ විදේශ කටයුතු ඇමතිනියගෙන් ඇගයීමක්

(UTV| කොළඹ) – සාමය හා සංහිදීයාව ස්ථාපිතකරලීමේ අසීරු කාර්යය භාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය ඉනේ එරික්සන් මහත්මිය පවසයි.

නොර්වේ රාජ්‍ය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිදියා වැඩපිළිවෙල සඳහා නොර්වේ රාජ්‍යයේ පූර්ණ සහය ලබාදෙන බවයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටුවිමට යෝජිත පොලිස් හා අපරාධ යුත්තිය පිළිබඳ විශ්වවිද්‍යාලය සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට නොර්වේ රාජ්‍යය එකඟතාව පල කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එසේම දෙරට අතර ආර්ථික සහ දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් සහ උපායමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති අතර මෙතෙක් දෙරට අතර පැවැති ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට එම සබඳතාවන් ගෙනයාම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගනණයට.

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට

Mohamed Dilsad

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය සුදානම්

Mohamed Dilsad

Leave a Comment