ප්‍රමුඛ පුවත 1

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්

(UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි.

ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම සදහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කළ යුතුය. මේ සම්බන්ධයෙන් 2003 වසරේ දී ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත සකස් කරන වත්මන් කෙටුම්පතට අනුව මෙම සභාව සදහා පත් කරනු ලබන සාමාජිකයින්ගේ සංඛ්‍යාව 05 කි. ඉදිරියේ දී පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

සයිටම් විරෝධයට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

සුළගේ වේගය වැඩි විය හැකි බවට අනාවැකි

Mohamed Dilsad

Leave a Comment