විදෙස්

බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

(UTV| කොළඹ) –  සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය ලෙස සැලකෙන විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා ආයතනය පවසයි.

නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

බ්‍රහස්පති මත ඇති දැවැන්ත රතු ලපය වසා ඇති වලාකුළු නිරීක්ෂණය කිරීමේදී මෙම තොරතුරු අනාවරණ කරගෙන ඇත.

නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ එහි ගැඹුරු වලාකුළු වල ජලයේ රසායනික සංඝටක පවතින බවයි.

ඊට අමතරව, කාබන්මොනොක්සයිඞ් වැනි ඔක්සිජන් සහිත වායු එහි පවතින අතර, බ්‍රහස්පති ග්‍රහයා තුළ හිරුගේ මෙන් නව ගුණයක ඔක්සිජන් පවතින බව අනාවරණ වී තිබේ.

බ්‍රහස්පති වටා පරිභ‍්‍රමණය වන චන්ද්‍රයන් බොහෝමයක් අයිස් වලින් වැසී පවතින අතර බ්‍රහස්පති තුළ ජලය පැවතීමට එය ද සාක්ෂියක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා හේතුවෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට බලපෑම්

Mohamed Dilsad

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට / ඊශ්‍රායලය අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවයි

Mohamed Dilsad

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

Editor O

Leave a Comment