ප්‍රමුඛ පුවත 1

වර්ජනය තිබුණද නව දඩ පත්‍රිකාව හකුලන්නේ නෑ – ඇමති සිරිපාල කියයි

(UTV| කොළඹ) – මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව රජය අවධාරණය කරයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය‍ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ දඩ පත්‍රිකාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීම් කරන්නේ බස් හිමියන් නොවන බවත්, බස්වල සේවය කරන පුද්ගලයින්ගේ අවශ්‍යතාවය මත කිසි විටෙකත් මෙවැනි තීරණ නොගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද(16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ප්‍රවාහනය තුළ සැබවින්ම විනයක් පැවතිය යුතු බව ද සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී අවශ්‍ය නම් වෙනත් පනතක් මඟින් එය සංශෝධනය කළ ගත හැකි වුවත් වත්මන් රජය එවැනි කිසිදු තීරණයකට එළඹෙන්නේ නොමැති බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් අද බස් වර්ජනය සමස්තයක් ලෙස අසාර්ථක වුවත් ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති බව වාර්තාවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අද රාත්‍රියේ සිට හමුදා බස් රථ ධාවනයට එක් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණය බලරහිත කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

සුවවූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment