ප්‍රමුඛ පුවත 1

නේවි සම්පත් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දහවල් කොළඹ – කොටුව ලෝටස් මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

ඔහු අවස්ථා කිහිපයකදී අධිකරණය මගහැර සිටීම හේතුවෙන් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළේය.

41 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොල්වත්ත ගාල්ලගේ අශෝක යන නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ඔහු සතුව තිබී හමුවූ බවයි පොලීසිය කියා සිටියේ.

සැකකරු මේ වනවිට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තී‍්‍රරෝද රථ ගාස්තු ඉහලට ?

Mohamed Dilsad

බම්බලපිටිය මුහුදේ සිටි මෙම සත්වයා ඔබට අනුමාන කල හැකිද?[වීඩියෝ]

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම ගැන රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment