විදෙස්

ඉන්දුනීසියාවේදී අතුරුදන්වූ සංචාරකයින් සොයා මෙහෙයුම්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතට බලපෑ භුමිකම්පාව හේතුවෙන් ගිනි කන්දක් තරණය කිරිමට ගොස් අතුරුදහන්වී සිටින සංචාරකයින් පිරිසක් සොයා ආපදා සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබේ.

රිච්ටර් ඒකක 6.4ක අගයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය වාර්තාවිය.

ලොම්බොක් දුපතේ පිහිටි ගිනිකන්දක් සහිත රින්ජානි කන්ද තරණය කිරිමට ගිය මෙම පිරිස භුමිකම්පාවත් සමග හටගත් නාය යෑම් හේතුවෙන් එහි සිරවී ඇතැයි විශ්වාස කෙරේ.

රින්ජානි කන්ද තරණය කිරිම සදහා ගිය සංචාරකයින් 264 දෙනෙක් මෙතෙක් පැමිණ නොමැත.

මේ නිසා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර භුමිකම්පාව හේතුවෙන් මියගිය පිරිස 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබු සංඛ්‍යාව 164ක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

Boeing 737 Max ගුවන් යානාව රටවල් කිහිපයක තහනම් කෙරේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් දින 14 ක නිරෝධායන කාලයකට

Mohamed Dilsad

Leave a Comment