ප්‍රමුඛ පුවත 1

විග්නේෂ්වරන්ගේ නඩුවට දින නියම වෙයි

(UTV|යාපනය) – බී.ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනමට එරෙහිව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ගොනුකළ පෙත්සම සළකා බැලීමට අධිකරණය තීරණය කරයි.

අභියාචනාධිකරණය අද දින එම පෙත්සම සලකා බැලු අතර ලබන සැප්තැම්බර් 5 වනදා එම පෙත්සම සළකා බැලීමට බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

බී. ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඊට අදාළව හිටපු ඇමති බී.ඩෙනීෂ්වරන් විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිපාලන නිලධාරීන් සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

අප්‍රේල් 10 දා සිට විදුලිය කපන්නේ නෑ – විදුලි බල ඇමති කියයි

Mohamed Dilsad

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment