ප්‍රමුඛ පුවත 1

විග්නේෂ්වරන්ගේ නඩුවට දින නියම වෙයි

(UTV|යාපනය) – බී.ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනමට එරෙහිව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ගොනුකළ පෙත්සම සළකා බැලීමට අධිකරණය තීරණය කරයි.

අභියාචනාධිකරණය අද දින එම පෙත්සම සලකා බැලු අතර ලබන සැප්තැම්බර් 5 වනදා එම පෙත්සම සළකා බැලීමට බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

බී. ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඊට අදාළව හිටපු ඇමති බී.ඩෙනීෂ්වරන් විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට ජනපති එක්වෙයි

Mohamed Dilsad

මැතිවරණයට මාධ්‍ය වලින් එල්ල වන බලපෑම ගැන මැතිවරණ කොමිසම අවධානයෙන්

Mohamed Dilsad

මන්ත්‍රී නාමල්ගේ විදෙස්ගත වීමේ තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment