විදෙස්

බහුතර බලය පෙන්විමට පලනි ස්වාමි වැඩ අරඹයි

(උදයම්,ඉන්දියාව)  –  ප්‍රාන්ත ආණ්ඩුකාර සී විද්‍යාසාගර් රාඕ විසින් ප්‍රකාශ කල ආකාරයට පක්ෂයේ බහුතර බලය පෙන්විමට අවශ්‍ය කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවයරා ලෙසට ඊයේ දිවුරුම් දුන් ඊ. පලනි ස්වාමි පවසයි.
ඒ අනුව ඉදිරි දින 15 තුළදී පක්ෂයේ බහුතරය පෙන්වීමට හැකි වනු ඇති බවට පලනි ස්වාමි විශ්වාසය පල කර තිබේ.
මිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවයරා ලෙසට ඊ පලනි ස්වාමි ඊයේ දිවුරුම් දුන්නේය.
ප්‍රාන්ත ආණ්ඩුකාර සී විද්‍යාසාගර් රාඕ විසින් මෙම නව මහ ඇමතිවරයා පත්කරන ලදී.
ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂයේ මහලේකම් සෂිකලා නටරාජන්ගේ සමීපතමයකු ලෙසට ද පලනි ස්වාමි සැලකේ.
සෂිකලා නටරාජන්ට සිර දඩුවම් නියමවීමෙන් අනතුරුව ඇය විසින් කේ පලනිස්වාමි පක්ෂ නායකයා ලෙසට පත්කරනු ලැබීය.
තමිල්නාඩුවේ පාලක පක්ෂය වන ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය මේවන විට දැඩි අර්බුධයකට ලක්වී ඇත්තේ සෂිකලාගේ සිරගත වීම හේතුවෙනි.
සෂිකලා අධිකරණයට භාරවීමට පෙර ජයලලිතා විසින් පක්ෂයෙන් නෙරපනු ලැබු දෙදෙනෙකුට ද පක්ෂ සාමාජිකත්වය ලබා දුන් බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

Related posts

නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කරයි

Mohamed Dilsad

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

Mohamed Dilsad

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

Mohamed Dilsad

Leave a Comment