විදෙස්

නවසීලන්ත අගමැතිවරිය වාර්තා ගත වෙයි

(UTV|නවසීලන්තය) – නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහිකළ බවට විදෙස් වාර්තා සඳහන් කරයි. නවසීලන්ත අගමැතිවරිය බිහිකර ඇත්තේ ගැහැණු දරුවෙකි.

මවත් දරුවාත් සුවයෙන් සිටින බව වාර්තාවේ.

මෑත ඉතිහාසයේ බලයේ සිටින රාජ්‍ය නායිකාවක් දරු ප්‍රසුතියක් සිදුකල ලොව දෙවන අවස්ථාව මෙය වේ.

දරුවා බිහිකිරිම සදහා වෛද්‍යවරුන් ලබාදී තිබු කාලය ඉක්මවා දින 04 කට පසුව නවසීලන්ත අගමැතිවරිය අද සිය දරුවා බිහි කළාය.

37 හැවිරිදි නවසීලන්ත අගමැතිවරිය තම රටේ නිතියට අනුව දරු ප්‍රසුතියට පෙර ලබා ලබා ගත හැකි සති 06 ක ප්‍රසුත නිවාඩු ලබා ගෙන ඇති අතර එම කාලයේදි අගමැතිධුරයේ වැඩ බැලීමට උප අගමැති වින්ට්සන් පීටර්ස් පත් කර තිබුණි.

කෙසේ වුවත් නවසීලන්ත අගමැතිවරිය සිය ප්‍රසුත නිවාඩු සමයේදි පවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන කැබිනට් පත්‍රිකාවන් අධික්ෂණයට ලක් කළ බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

Leave a Comment