ප්‍රමුඛ පුවත 1

මැණික් ගල් වංචාවකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV|තංගල්ල) – රුපියල් තිස්තුන් ලක්ෂ තිස් අට දහසක වටිනාකමකින් යුත් පැන්සි වර්ගයේ මැණික්ගල් තොගයක් සගවා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

පොලිසිය පැවසුවේ තංගල්ල විශේෂ කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම මැණික්ගල් කැරට් දොළොස්දහස් දෙසිය හැටක බරින් යුක්ත යැයි පොලීසිය පවසයි.

මැණික් ගල් තොගය බෝතල් දෙකක දමා සැකකරුගේ නිවසෙහි සඟවා තිබියදී පොලිස් නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

මැණික් ගල් තොගයෙහි හිමිකරු මේ පිළිබඳව තංගල්ල කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කරන ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පැවැත්වුණි.

සැකකරු සම්බන්ධයෙන් තංගල්ල විශේෂ කොට්ඨාශ විමර්ශන ඒකකයේ පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාර්ග කිහිපයක රථවාහන තද බදයක්

Mohamed Dilsad

කිරි පිටි මිල පහළට

Mohamed Dilsad

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment