ප්‍රමුඛ පුවත 1

සර්බියානු විදේශ කටයුතු ඇමති, අගමැති මුණගැසෙයි

(UTV| කොළඹ) – සර්බියානු විදේශ කටයුතු අමාත්‍ය අයිවිකා ඩෙසික් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා පවත්වයි.

ඊයේ(07) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ප්‍රකාශ කර ඇත්තේ සර්බියාව ඇතුළු පැරණී යුගෝස්ලාවියාවට අයත් රජ්‍යයන් සමඟ යළි අතීත මිතුදම් මුවහත් කරගැනීමට කාලය පැමිණ ඇති බවයි.

පැරණි යුගෝස්ලාවියාවට අයත් රාජ්‍යයක් වශයෙන් සර්බියාව ඒ සබඳතා යළි ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ අමාත්‍ය ඩැසික් මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශක්තිමත් කරලීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි අවධානය යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශයේ ද සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව හා අවකාශ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම ද මෙම සාකච්ඡවේ දී සිදුව තිබේ.

වීසා බලපත්‍රයන්ගෙන් තොරව දෙරටේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳව කඩිනමින් ගිවිසුමක් අත්සන් කිරීමට ද තිරණය වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනක් දිවයිනට…

Mohamed Dilsad

නව මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍ය ධුර

Mohamed Dilsad

අභිමානවත් 70 වන නිදහස් දින සැමරුම ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment