විදෙස්

චීන ජනාධිපතිවරයාට රිසිසේ බලයේ ඉන්න අවස්ථාව

(UTV| චීනය) – ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය ඊයේ (11) අවස්ථාව සැකසීය.ඒ ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමිනි.

මෙම ව්‍යවස්ථා වෙනසත් සමඟ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග්ට ඕනෑ තරම් කාලයක් ජනාධිපතිධුරය දැරීමට අවස්ථාව සැලසේ.

මාවෝ සේතුංට පසු චීනයෙන් බිහි වූ වඩාත් බලවත්ම නායකයා බවට පත්වීමට ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

චීන කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයා ගේ ධුර කාලය වෙනස් කිරීමේ ව්‍යවස්ථා වෙනස්කම සම්බන්ධ යෝජනාව නිවේදනය කරන ලද්දේ පසුගිය මාසයේදීය. ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අද (11) පැවැත්විණි.

නියෝජිතයන්ගෙන් 3,000කට ආසන්න පිරිසකගෙන් යෝජනාවට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගංවතුරින් ඉන්දුනීසියාවේ 17ක් මරුට

Mohamed Dilsad

තීන්ත කම්හලක ගින්නක්

Mohamed Dilsad

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

Mohamed Dilsad

Leave a Comment