ප්‍රමුඛ පුවත 1

වස ශරීර ගත වී පොලිස් සැරයන්ට දිවි අහිමි වෙයි

(UTV| කොළඹ) – පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තාවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්තොට පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

ඔහු 53 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (26) මෙම පොලිස් සැරයන්වරයා සූරියවැව ප්‍රදේශයේ සිය නැගණියගේ නිවසට පැමිණ ඇත.

එහිදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති අතර, එම අවස්ථාවේදී අත්වැරදීමකින් වස බෝතලයක් ද පානය කර ඇති බව වාර්තාවේ.

වස පානය කිරීමෙන් බරපතල තත්ත්වයේ සිටි පොලිස් සැරයන්වරයා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment