ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

(UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද  (25) පැවති තරඟය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 10කින් වීම විශේෂත්වයක්.

ඒ අනුව ලබන 27 වනදා පැවැත්වෙන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරඟයේදී ද මෙම කණ්ඩායම් දෙක මුණගැසෙනු ඇත.

අද තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 24ක් තුල සියලන් දැවී ලකුණු 82ක් රැස් කළේය.

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ පිතිකරුවන් 09 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකිරීමට පෙර දවා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03ක් බිඳ දැමූ අතර දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 02 බැගින් බිඳ හෙලුවේය.

ලකුණු 83ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 11යි පන්දු 05 කදී පසුකර යාමට සමත් විය.

එක්දි ආරම්භක පිතිකරුවන් දෙපළ වන උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක පිළිවෙලින් ලකුණු 34 සහ 40 බැගින් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

Mohamed Dilsad

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment