ප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV|කොළඹ)  – බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාව පිළිබද විවාදය පවත්වන දින තීරණය කිරිම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවත්වීමට නියමිතය.

කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයින් සහභාගි වීමට නියමිතය.

බැදුම්කර වාර්තාවේ පිටපතක් එහිදී පක්ෂ නායකයින්ට බෙදාදීම සිදු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී බැඳුම්කර වාර්තාව සභාගත කිරීමටද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

අගමැති අද ජනපති කොමිසමට කැඳවයි.

Mohamed Dilsad

මුහුදේ පාවෙමින් ආ මත් කුඩු තොගය ගැන පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment