ප්‍රමුඛ පුවත 1

ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?

ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 

2018 දී ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉල්ලීමක් සිදු කිරීමට අවස්ථාව ලැබුණු බවත් එයට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් ලබන පෙබරවාරී මාසයේ දිවයිනට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

මෙම සමුළු සඳහා ලෝකයේ රටවල් 55ක රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරුන් 300ක් පමණ සහභාගි වූ අතර ශ්‍රී ලංකාට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ද එම රාජ්‍ය නායකයන් සමඟ අගමැතිවරයා ඇතුළු පිරිසට සාකච්ඡා පැවැත්වීමට අවස්ථාවට ලැබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඊයේ (23) මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙරට ඉදිරියේදී මුහුණු පෑමට සිදු වන නියඟය, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් පිහිටුවීම, ආයෝජන, මානව හිමිකම්, GSP+ ලැබීම යනාදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම ආර්ථික සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරවලින් උපරීම ප්‍රයෝජන ලබා ගත යුතු බව ද සඳහන් කළේය.

 

චීනය සමඟ සිදුකරනු ලබන ආයෝජනවලින් ඩොලර් බිලියන 5ක් ලැබෙන අතර ඒ තුළින් චීනයෙන් ලබා ගත් ණය පියවා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් එය වැළැක්වීමට යම් පිරිස් කටයුතු කරමින් සිටින බවත්

Related posts

පූඬළුඔය රිය අනතුරෙන් තරුණියක් ජීවිතක්ෂයට.

Mohamed Dilsad

අද පස්වරුවේත් වැසි

Mohamed Dilsad

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

Leave a Comment