ප්‍රමුඛ පුවත 1

අපදාවලට ලක්වූ මාතර වැසියන්ට තවමත් ආධාර කිසිවක් ලැබී නෑ (වීඩියෝ)

(UTV|කොළඹ) –  අද වනවිට කලගුණ තත්ත්වය යහපත් වුවත් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පහව ගොස් නොමැති බව වාර්තාවේ.

මේ අනුව දින 4 කාලයක් ජනතාව ඇතැම් ප්‍රදේශ වල සිරවී සිටින අතර තවමත් ඔවුන්ට කිසිදු ආයාතනයකින් සහනාධාරයක් හෝ ‍නොලැබුණු බව අප වාර්තාකරු පවසයි.

මේවන විට ජලය බැස යාම ඉතාම සෙමින් සිදුවන අතර බොහෝ ‍ප්‍රදේශ තවමත් ජලයෙන් යට වි ඇත.

මේවන විටත් තුඩාව හා මාගල්ලාගොඩ ජල  පොම්පාගාරවලින් ජලය ඉවත් වීම සිදු කළ ජලය ඉවත් වි යාම ඉතාම සෙමින් සිදුවන බව ජනතාව පෙන්වා දෙයි.

මේවන විටත් වි ගොවිතැන දැඩි හානියක් සිදු වි ඇත.

දැනට කිසිදු පුද්ගයෙක් හෝ පැමිණ නැති අතර ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

කද්දුව,නාරංගල,වැල්ලේතොට,වටගෙදර යන ප්‍රදේශ රැසක්ම ජනතාව අද කොටු වී සිටින බව අප වාර්තාකරු පැවසීය.

Related posts

දුම්රියේ ගිය දෙදෙනෙක් පාළමක ගැටී මරුට

Mohamed Dilsad

පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වේ

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වීම ස්ථිරයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment