ප්‍රමුඛ පුවත 1

සීනි සමාගම් පුද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවයක්

(UTV|කොළඹ) – පැල්වත්ත සීනි සමාගම හා සෙවනගල සීනි සමාගම පුද්ගලීකරණය කිරීමට එරෙහිව අද(22) දිනයේ විරෝධතාවක් ආරම්භ කිරීමට සුදානම් වෙයි.
එහි වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ අද දින මොණරාගල ප‍්‍රධාන මාර්ගයේ බුරුත හන්දියේදී මෙම විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවය.
මේ වනවිට රජයේ සමාගමක් ලෙස පවතින මෙම ආයතන දෙකම ලාභ ලබමින් පවතින අතර, මහා පරිමාණයෙන් සේවා සපයන ආයතනයන් බවටද පත්වී තිබේ.
නමුත් 2018 රජයේ අයවැයෙන් පැල්වත්ත සීනි සමාගම හා සෙවනගල සීනි සමාගම පුද්ගලීකරණය කිරීමට සුදානම් වන බවට ඔවුන් චෝදනා කරයි.
සීනි කර්මාන්තයම නැවත පරිහානිය කරා ගෙන ගොස් එය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව එහි වෘත්තීය සමිති පවසයි.
ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සියලූ සේවකයින් එක්ව ඇති බවද වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙයි.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

මඩකලපුව හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරු ත්‍රස්තවාදියාගේ හිස යළි ගොඩ ගැනේ [video]

Mohamed Dilsad

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

Mohamed Dilsad

Leave a Comment