ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිසමෙන් විශේෂ තීරණයක්

(උදයම්,කොළඹ)   –  අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ වැඩ තහනම් කිරීම පිළිබඳ අවසන් තීරණය එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජාතික පොලිස් කොමිසම පවසන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණ වාර්තාව ලැබීමෙන් පසු මෙම තීන්දුව ගන්නා බවය.

ආන්දෝලනයකට තුඩු දුන් යාපනය – පුංකුඩුතිව් ප්‍රදේශයේ විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් ට රැකවරණය දී පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහු ඊයේ කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර  කෙරුණි.

Related posts

ආනයනික සහල් මිල පහළට

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

Leave a Comment