විදෙස්

යේමනය තුළ කොළරාව හිස ඔසවයි

(උදයම්,යේමනය)   –  යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ ලක්ෂ 3 කට ආසන්නවී තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ ජනතාව තුල පසුගිය සති 10 තුළ මෙලෙස කොළරා රෝගීන් සංඛ්‍යාව වැඩිවී ඇත.

දිනකට නව රෝගීන් 7000ක් පමණ වාර්තා වන අතර එය පාලනය කිරීම අසීරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජගත් සංවිධාන වාර්තාවලට අනුව යේමනයේ කොළරා රෝගීන් 1700කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ

සිවිල් යුද්ධය හේතුවෙන් එරට මිලියන 14.5ක් පමණ ජනතාවට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොලැබෙන බවද ජගත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ඉන්දියාවේ නව කොරෝනා රෝගීන් 18000 ක් හඳුනා ගනී

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

Mohamed Dilsad

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment