ව්‍යාපාරික

මිල අධික මුහුදු මත්ස්‍ය විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක්

(උදයම්,කොළඹ)  –  මිල අධික මුහුදු මත්ස්‍ය  විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් හෙට විවෘත කෙරෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මිලියන 150ක වියදමින් මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම අභිජනන මධ්‍යස්ථානය හෙට(28) දිනයේ විවාත කිරීමට නියමිතය.

මූදිල්ලා, කොස්සා, සහ වව්වාලයා යන මත්ස්‍ය විශේෂ මෙම අභිජනන මධයස්ථාන තුළින් බෝ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අභිජනන මධ්‍යස්ථානයේදී  වසරකට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 20ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම මත්ස්‍ය පැටවුන් තෝරාගත් ධීවරයින්ට ලබාදී අපනයනය සඳහා සකස් කිරීමට සැලසුම් කර තිබේ.

එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතය.

Related posts

’ඇල්ටෙයාර්’ අද විවෘත කෙරේ

Mohamed Dilsad

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

කුකුළු මස් උපරිම සිල්ලර මිල ගැන එකඟතාවයකට

Mohamed Dilsad

Leave a Comment