ප්‍රමුඛ පුවත 1

වැලිකඩ හිරබත් ගංවතුරින් අනාථවුවන්ට

(උදයම්,කොළඹ)  –  වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් හෙට (මැයි 30) නිරාහාරව සිට, ගංවතුරින් අවතැන්වූ ජනතාවට තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බත් පාර්සල් 6000ක් පමණ විපතට පත් පිරිසට බෙදා හැරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමටත් ඒ වෙනුවෙන් වේලක් නිරාහාරව සිටීමටත් සියලු සිරකරුවන් සහ සිරකාරියන් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත්වී යෝජනා කළ බවය.

Related posts

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment