විදෙස්

පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයට

(උදයම්,පිලිපීනය)   –  IS සංවිධානයේ සන්නද්ධ පිරිසක්  පිලිපීනයේ මරාවි නගරය ආක්‍රමණය කර ඇත.

මෙම තුවක්කුකරුවන් Maute හෙවත් Islamic State of Lanao සංවිධානය බවට හඳුනාගෙන තිබේ.

ඔවුන් IS ට සහය දක්වන ප්‍රබල කණ්ඩායම් බව විදෙස් වාර්තා පවසයි.

ආක්‍රමණයත් සමග පිලිපීන හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තයන් මෙල්ල කිරීමට දැඩි උත්සහයක් ගෙන තිබේ.

සන්නද්ධ කණ්ඩායම නිවෙස්වලට හා රජයේ දේපළ වලට වෙඩි තබමින්  කඩ සාප්පු, පාසල් ආදී ගොඩනැගිලි බොහොමයකට ගිනි තබා ඒ ඒ ස්ථානවල IS සංවිධානයේ ධජයද ඔසවා තිබෙන අකාරය විදෙස් වාර්තා හෙළි කරයි.

ත්‍රස්තයන්  මරාවි බන්ධනාගාරය අත්පත් කගෙන එහි  රැඳවියන් නිදහස් කර ඇත.

නගරවාසීන්ට නිවෙස් වලින් පිටතට නොයන ලෙස රජය උපදෙස් දී තිබෙන අතර විශේෂ පොලිස් කණ්ඩායම් නගර ප්‍රදේශයට කැඳවා, මරාවි නගරය අයත් මින්දනාඕ පළාතට හදිසි නීතිය පනවා තිබේ.

ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ යුධ නීතිය පනවා  ඇත.

Related posts

දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ගැන අලුත්ම ආරංචිය මෙන්න

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment