ප්‍රමුඛ පුවත 1

රැම්සන්වෙයාර් වෛරස අවධානම තවදුරටත්

(උදයම්,කොළඹ)  –  රැම්සන්වෙයාර් වෛරසය මෙරටට පැමිණීමේ අවදානම තවදුරටත් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් අප කල විමසේමකදී අදහස් දැක්වූ එම සංසධයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ පරිගණක මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම තුලින් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවයි.

මෙම සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150 ක පරිගනක පද්ධති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ලවූ බව යුරෝපෝල් පොලීසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් එංගලන්තයේ සෞඛ්‍ය සේවාව යටතේ පවතින රෝහල් 48 ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවාවන්ද අඩාල වූ බව විදෙස් වාර්තා වල දැක්වුණි.

Related posts

පක්ෂ නායකයන්ට අද කථානායකගෙන් කැඳවීමක්

Mohamed Dilsad

ජාතික හැඳුණුම්පත ගන්න රුපියල් 100ක ගාස්තුවක්

Mohamed Dilsad

මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..

Mohamed Dilsad

Leave a Comment