දේශීය

ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබේ.

 

විනිසුරු සාරා හගේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) අසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවය.

 

ඒ අනුව විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට ය.

 

දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල විය.

 

සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි.

 

නඩු විභාගයකින් අනතුරුව ගුණතිලකව පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදහස් කළේය.

 

ඔහු පසුව ශ්‍රී ලංකාව ට පැමිණියේය.

Related posts

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

Editor O

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment