දේශීය

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අධිකරණ සේවකයෙක් කොටුවෙයි

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අදාළව එම අධිකරණයේ සේවයේ නියුතු තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධිකරණයේ සේවයේ නිරතව සිටි සිතාසි හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නෙකි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (22) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

 

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටී

Related posts

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment