දේශීය

පහළොස් හැවිරිදි දැරිය ගත් හදිසි තීරණය

පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි හා පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම දැරියගේ ජීවිතය බේරාගැනීමට සමත්ව ඇති බවය.

 

මෙලෙස ජීවිතය බේරාගත් දැරිය වයස අවුරුදු 15ක් වූ කොස්පැලෑන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

දිවි බේරාගත් දැරිය මව වෙතට භාරදීමට කටයුතු කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමේ අරමුණින් දැරිය මුහුණට පැන ඇතිබවය.

 

Related posts

කුරුණෑගල මහ රෝහලේ හිටපු වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් යළි සේවයට

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

ආරුක්කු නවයේ පාළමේ ජල කාන්දුවක්….?

Editor O

Leave a Comment