දේශීය

පහළොස් හැවිරිදි දැරිය ගත් හදිසි තීරණය

පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි හා පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම දැරියගේ ජීවිතය බේරාගැනීමට සමත්ව ඇති බවය.

 

මෙලෙස ජීවිතය බේරාගත් දැරිය වයස අවුරුදු 15ක් වූ කොස්පැලෑන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

දිවි බේරාගත් දැරිය මව වෙතට භාරදීමට කටයුතු කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමේ අරමුණින් දැරිය මුහුණට පැන ඇතිබවය.

 

Related posts

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

දකුණු පළාතේ ATM වලට සුද්දයක් දුන් පිරිසක් ‍සොයා මෙහෙයුම් ඇරඹෙයි

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව IOC දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment