දේශීය

රේගු ආනයනික බද්දක් සංශෝධනය කරයි

ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තිබේ.

 

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

 

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බව වාර්තා වෙයි.

 

නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

කෙසේවෙතත් බදු ඉහළ දැමීමක් සිදුවුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළේය.

Related posts

පුද්ගලික බස් හිමියන් සහ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව සමයේ ලිට්‍රෝ සමාගමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක්..!

Editor O

යුද හමුදාවේ 4,741 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment