දේශීය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්

‍මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තබා තිබේ.

 

ඊයේ (07) දිනයේ අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.

 

සෞඛ්‍ය සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව සහ මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.

 

ශ්‍රී ලංකාව – මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීව එම ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරය ඊයේ සහ පෙරේදා දිනවල විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි.

 

මෙම සැසිවාරය සඳහා මාලදිවයින නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් මහතා එක්ව සිටියේය.

Related posts

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අජිත් රෝහණ යළිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

Mohamed Dilsad

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

Leave a Comment