දේශීය

දාර කැස්බෑවෙක් පානදුර වෙරළ ට ගොඩ ගසයි

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට අයත් දාර කැස්බෑවෙකුගේ සිරුරක් අද (03) දහවල් පානදුර වෙරළට ගොඩගසා තිබේ.

 

පානදුර වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් පවසන්නේ මෙරට මුහුදු සීමාවේදී මෙම සත්ත්වයින් දැකගැනීම ඉතා දුර්ලභ බවය.

 

මෙලෙස පානදුර වෙරළට ගොඩගසා තිබූ සත්ත්වයා අඩි 06යි අඟල් 07ක පමණ දිගකින් යුක්ත වෙයි.

 

මේ පිළිබඳ අදහස් දැක්වූ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ සභාපති, සාගර කැස්බෑ විශේෂඥ තුෂාන් කපුරුසිංහ මහතා පැවසුවේ,

 

“ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට දාර කැස්බෑවන් අයත්. උතුර ඉන්දියන් සගරයට අයත් රටවල්වලින් බිත්තර දමන්නට පැමිණෙන්නේ ලංකාව සහ ඉන්දියන් අන්දමන් සහ නිකොබාර් දූපත්වලට පමණයි. මෙම උප ගහනය සීඝ්‍රයෙන් වදවීගෙන යන සත්ත්ව විශේෂයට අයත්.”

Related posts

කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු කඩිනමින්

Mohamed Dilsad

හාල් සඳහා ඉතිහාසේ ලොකුම බද්ද, මාලිමා ආණ්ඩුවෙන්: රු. 110 ට ගොඩබාන හාල් කිලෝව විකුණන්නේ 240ට – සමන් රත්නප්‍රිය

Editor O

හැඳුනුම්පතේ අවසාන අංකය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment