දේශීය

දාර කැස්බෑවෙක් පානදුර වෙරළ ට ගොඩ ගසයි

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට අයත් දාර කැස්බෑවෙකුගේ සිරුරක් අද (03) දහවල් පානදුර වෙරළට ගොඩගසා තිබේ.

 

පානදුර වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් පවසන්නේ මෙරට මුහුදු සීමාවේදී මෙම සත්ත්වයින් දැකගැනීම ඉතා දුර්ලභ බවය.

 

මෙලෙස පානදුර වෙරළට ගොඩගසා තිබූ සත්ත්වයා අඩි 06යි අඟල් 07ක පමණ දිගකින් යුක්ත වෙයි.

 

මේ පිළිබඳ අදහස් දැක්වූ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ සභාපති, සාගර කැස්බෑ විශේෂඥ තුෂාන් කපුරුසිංහ මහතා පැවසුවේ,

 

“ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට දාර කැස්බෑවන් අයත්. උතුර ඉන්දියන් සගරයට අයත් රටවල්වලින් බිත්තර දමන්නට පැමිණෙන්නේ ලංකාව සහ ඉන්දියන් අන්දමන් සහ නිකොබාර් දූපත්වලට පමණයි. මෙම උප ගහනය සීඝ්‍රයෙන් වදවීගෙන යන සත්ත්ව විශේෂයට අයත්.”

Related posts

වත්මන් ආණ්ඩුවේ අය බලය ගන්න කියපු දේවල් බොරු කියලා ඔප්පු වෙද්දි, මාධ්‍යයට තර්ජනය කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම වෙත පැමිණිනෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,733 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment