දේශීය

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

 

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බවය.

 

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272 දෙනෙකු ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ තවදුරටත් විමසීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසැල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසැල් දරුවන් පිළිබඳ අනාවරණයක්

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

Leave a Comment