දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවය.

 

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුධ හමුදාපතිගේ ප්‍රකාශය

Mohamed Dilsad

කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment