දේශීය

න්‍යෂ්ටික බලශක්තිය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබුණි.

 

එම තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

 

එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 

එකී සම්මුතීන්ගේ පාර්ශවකරුවෙකු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

 

Related posts

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සඳහා දුරකථන අංක කිහිපයක්

Mohamed Dilsad

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ගත් තීරණයේ වෙනසක් නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

Editor O

සැප වාහන වෙන්දේසියක්

Editor O

Leave a Comment