දේශීය

චමරිගේ විශ්වාසය

තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් උපරිම දක්ෂතාවල සිටියොත් ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

 

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (01) එළිදක්වන අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 

“ඇත්තට මම හිතන්නේ මට හොඳ කණ්ඩායමක් ලැබිලා ඉන්නවා. ගොඩක් අද්දැකීම් බහුල ක්‍රීඩිකාවන් රැසක් ඉන්නවා කණ්ඩායම තුළ. ඒ වගේම මම හැමවේලේම විශ්වාස කරන දේතමයි මම කණ්ඩායම ට කියන දේ තමයි රෑන්කින් කියන්නේ නම්බර් එකක් විතරයි. එදා දවසේ කවුද හොඳට සෙල්ලම් කරන්නේ ඔවුන්ට තරග ජයග්‍රහණය කරන්න පුළුවන්. මිස්ටේක් අඩුවෙන්ම කරන කණ්ඩායම අනිවාර්යෙන්ම තරග ජයග්‍රහණය කරනවා. මේ ලොක කුසලානයෙත් ඒදා දවසේ අපි ක්‍රීඩා කළහොත්, අපේ ක්‍රීඩිකාවන් සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කළොත්, ඔවුන්ගේ උපරිම දක්ෂතාවල සිටියොත් අනිවාර්යෙන් අපිට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් ඒ විශ්වාසය මට තියෙනවා කණ්ඩායම් නායිකාව හැටියට.”

Related posts

අගමැති යළි දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

Mohamed Dilsad

මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ හයිය

Mohamed Dilsad

Leave a Comment