ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලක: ඇප මත නිදහස්,Tinder තහනම් !

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ.

අද (නොවැම්බර් 16) නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මුරුගන් තංගරාජ් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනාවන්හි ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත්,ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත් නිතීඥවරයා පවසා තිබේ.

ඒ අනුව කරුණු සළකා බැලු මහේස්ත්‍රාත් ජැනට් වෝල්ක්විස්ට් විසින් අද සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ දී ගුණතිලකට ඇප ලබා දුන් අතර පාර්ක්ලියා බන්ධනාගාරයේ සිට ධනුෂ්ක ගුණතිලක නඩු වාරයට ඔන්ලයින් පෙනිසිටියේය.

කෙසේ වෙතත් ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ.

  • සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතුය.
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා ඇත.
  • පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් වේ.
  • Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කර තිබේ.

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා සතරක් ගොනුකර තිබේ.

ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි චෝදනා පසුගිය සතියේ අනාවරණය වූයේ, නඩුවේ තොරතුරු යටපත් කිරීමට පොලිසිය ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය උසාවියේ දී සටනක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ය.

විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය “සිය ජීවිතය පිළිබඳ බියකින්” සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබේ.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබේ.

කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්‍රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු මීට පෙර ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

Related posts

ලෝක කුසලානය සඳහා එන නවසීලන්ත සංචිතය මෙන්න

Mohamed Dilsad

LPL තරඟාවලිය සම්බන්ධයෙන් අර්ජුනගෙන් නාමල්ට ලිපියක් [LETTER]

Mohamed Dilsad

වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා

Mohamed Dilsad

Leave a Comment