දේශීය

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (03) පෙරවරු අටේ සිට පසුදින අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන්නේ.

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙනවා.

Related posts

හපුතලේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 2 දෙනෙකු මරුට [VIDEO]

Mohamed Dilsad

රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පාසල් සිසුන් 7 දෙනෙක් රෝහලට

Editor O

නිකවැරටියට හැමූ දැඩි සුළඟින් නිවාස 100 කට හානි

Mohamed Dilsad

Leave a Comment