දේශීය

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවන්න අලුත් වැඩ පිළිවෙලක්

(UTV | කොළඹ) – ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව “ශ්‍රී ලංකා ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම එහි අරමුණයි.

2021 වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබූ ” “ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය” ස්ථාපනය කිරීමට අදාළව හිමිව තිබූ අනුමැතියට සංශෝධන වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට මෙලෙස අනුමැතිය හිමි විය.

ඒ අනුව, අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති මෙහෙයුම් කමිටුවට එම ආයතනය ස්ථාපිත කිරීමට අදාළව පිළියෙල කර ඇති දළ කෙටුම්පත මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මඟින් පනත් කෙටුම්පත් සකස් කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයි

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් යළිත් සේවයෙන් ඉවත් වීමේ තීරණයක

Mohamed Dilsad

ඇමති විමල් ස්වයං නිරෝධායන‍යේ

Mohamed Dilsad

Leave a Comment