ක්‍රීඩා

8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මෙන්න

(උදයම්,එංගලන්තය )   –   8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් දැන් ප්‍රකාශයට පත් කරයි.

ලබන ජුනි 1 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන තරගාවලිය සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.5 කි.

එහිදී ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක් හිමි වනු ඇත.

තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් හිමි වන අතර අවසන් පූර්ව වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම් දෙකට ඩොලර් 4,50,000 බැගින් හිමි වෙයි.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ ජුනි 3 වැනිදා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයෙන්. ඒ අනුව ජුනි 8 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරඟ වැදීමට නියමිතය.

Related posts

කාසියේ වාසිය බංගලාදේශයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දෙවන තරඟයේ කාසියේ වාසිය හිමිවේ

Mohamed Dilsad

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

Mohamed Dilsad

Leave a Comment