ක්‍රීඩා

8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මෙන්න

(උදයම්,එංගලන්තය )   –   8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් දැන් ප්‍රකාශයට පත් කරයි.

ලබන ජුනි 1 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන තරගාවලිය සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.5 කි.

එහිදී ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක් හිමි වනු ඇත.

තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් හිමි වන අතර අවසන් පූර්ව වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම් දෙකට ඩොලර් 4,50,000 බැගින් හිමි වෙයි.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ ජුනි 3 වැනිදා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයෙන්. ඒ අනුව ජුනි 8 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරඟ වැදීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්න

Editor O

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment