දේශීය

“බස් දුවන්න ඩීසල් නැහැ” – ගැමුණු විජේරත්න

(UTV | කොළඹ) – ඩීසල් නොමැතිවීමේ හේතුව මත දිවයින පුරා බස් රථ ධාවනය සියයට 10ක් දක්වා අඩු කිරීමට සිදුවෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

තවදුරටත් ඉන්ධන නොමැති වුවහොත් සම්පූර්ණයෙන් ම බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංගම බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව පවතින බව පැවැසීය.

ඉදිරි දින කිහිපයේ ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ තුළ පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

අනුර දිසානායකගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස්කොට නිදහස් කර ගැනීම වෙනුවෙන් සටන් කරනවා : අපි අනුරට බය නැහැ – නාමල් රාජපක්ෂ

Editor O

කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

බක් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

Leave a Comment