දේශීය

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය යළි ඇරෙඹේ

(UTV | කොළඹ) – කුලී ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ගත් තීරණය කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය ලබන වසරේ (2022) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම නියෝගය 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් මට්ටමින් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව ජනවාරි 01 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේ කුලී සේවාවල නිරත සියලුම ත්‍රිරෝද මීටර් සවිකිරීම අනිවාර්ය බවත් මීටර් නොමැතිව ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නෛතික පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා.

Related posts

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ,කාන්තාව යළි රිමාන්ඩ්

Editor O

දිස්ත්‍රික්ක 6 කට නාය යෑමේ අවධානනම් නිවේදන නිකුත් කෙරේ

Mohamed Dilsad

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment