දේශීය

නව ඛනිජ තෙල් පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – නව ඛනිජ තෙල් සම්පත් පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම මෙහි අරමුණයි.

එමගින් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජකයන් මෙරට ඛනිජ තෙල් ගවේෂණ සඳහා ආකර්ෂණය කර ගැනීමද නව පනතේ බලාපොරොත්තුවක් බව රජය සඳහන් කලා.

මේ අතර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පණත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ නීතිය අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තනුයි.

එහෙත් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදීයි.

මේ නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සඳහායි මෙම සංශෝධනය සිදුකෙරන්නේ.

මේ අතර ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මාලිමාවට බලය හිමි බලංගොඩ සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

ගුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක්

Mohamed Dilsad

IMF වැඩසටහනකට මාස දෙකකින් මූලික එකඟත්වයක්

Mohamed Dilsad

Leave a Comment