දේශීය

කාලගුණයෙන් මහ වැසි ගැන අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද මධ්‍යහන 12ට නිකුත් කළ ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයේ සඳහන් වන්නේ උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Related posts

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

Mohamed Dilsad

සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

රු 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ

Mohamed Dilsad

Leave a Comment