දේශීය

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් අද (අගෝස්තු 25) විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කෙරේ [RELEASE]

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

නිරෝධායන නීති කැඩුවොත් නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment