දේශීය

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේද රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින්

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේ.   

ලබාගත් ජෛව සාම්පල අනුව එම ප්‍රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමූ වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවු බව ද ඒ මහතා කියා සිටියේය.

එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බව ද සඳහන්.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයන වාර්තාව අද (10) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දින පමණක් 21,715 කට

Mohamed Dilsad

ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් නවදිල්ලියට

Mohamed Dilsad

එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment