දේශීය

නායයෑමේ අනතුරු ඇඟවිම්

(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ 15 වනදා සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කරනු ලැබ තිබේ.

අද පස්වරු හය දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, ගඟවට කෝරළය, යටිනුවර, තුම්පනේ, උඩදුම්බර, දොළුව, මැදදුම්බර සහ පාතදුම්බර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයක් , මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අරණායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක ඇතුළුව දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 ක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට , බෑවුම් කඩා වැටීම, ගල්පෙරලිම, පස් කණ්ඩි කඩා වැටීම, සහ පොළොව ගිලා බැසීම යන නායයෑමේ ලක්ෂණ කෙරෙහි වඩාත් අවදානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ආසාදිතයන් 8000 ක් නිවෙස්වල නිරෝධායනයට

Mohamed Dilsad

අභියාචනාධිකරණයට අලුතින් විනිසුරුවරු දෙදෙනකු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

Editor O

අගමැතිනි සුපර්මාකට් ගිහින් බඩු ගත්තට. කුලීවැඩ කරන මිනිස්සු සතොස පෝලිමේ හිටියොත් දවසේ වැටුප නැහැ. – චාමර සම්පත්ගෙන් ආධුනිකයන්ට ප්‍රයෝගික පාඩමක්

Editor O

Leave a Comment