දේශීය

කොවිඩ් මෘත දේහ භූමදානයට මාර්ගෝපදේශ සකස් කර අවසන්

(UTV | කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම මාර්ගෝපදේශ දිනක් තුළ නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව , කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කළ හැකි තවත් ස්ථාන 06 ක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඉරණතිව් දූපතෙහි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමේදී ගැටලුකාරි තත්ත්වයක් මතුවුවහොත් සෙසු ස්ථාන 06 හි ඊට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යනය මේ වනවිට ආරම්භ කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

 

Related posts

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

Editor O

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් දීමනාවක්

Mohamed Dilsad

ජීවන් තොණ්ඩමන් ඇමති ධූරයත් අත්හරී

Mohamed Dilsad

Leave a Comment